Powered By Blogger

Sunday, June 27, 2010

රජෙක් සේ දෑනේ...කිව්වලු..


ඔන්න ඉතින් පොඩි කාලේ අපේ අප්පච්චිලා සෙල්ලම් කරන්නේ එහෙම ගොඩක් කට්ටිය එකතු වෙලානේ.ඒ කියන්නේ ඉතින් අප්පච්චිගේ නංගිලයි,අක්කලයි,මල්ලිලයි තව ඒගොල්ලන්ගෙ ගෙදර වෑඩ කරපු අයගේ ලමයින්නුයි එකතු වෙලාලු සෙල්ලම් කරන්නේ.

ඔන්න ඔය පුවක් කොලේ උඩ නෑගලා යන සෙල්ලමේදි අප්පච්චි පුවක් කොලේ උඩ පුටුවකුත් තියලා,ආච්චිගේ සාරියකුත් රජෙක් වගේ අඳගෙන ,කොස් කොල වලින් ඔටුන්නකුත් හදාගෙන කඩුව වෙනුවට කෝටුවකුත් අතේ අරන් ගිහින් පුටුවෙන් ඉඳගෙන කිව්වලු කට්ටියට අදින්න කියල පුවක් කොලේ..ටික දුරක් යනකොට කිව්වලු රජෙක් සේ දෑනෙ කියලා.

අප්පච්චිලගෙ මහගෙදර තියෙන තෑන ලොකු පල්ලමක් තියෙනවා බහින්න..ඔය පල්ලමෙදි පුටුවත් පෙරලගෙන,පුවක් කොලෙත් ඉරාගෙන මෙන්න රජතුමා රොල් වෙවි බිමට පෙරලිලා ඈවිත් නෑවතුනාලු.දතකුත් කෑඩිලා ලේත් එනවලු හොඳටම.ඒත් ඉතින් ලෑජ්ජ වෙන්න බෑනේ..අව්ලක් නෑවගෙ හිටගෙන හරි බරි ගෑහිල කිව්වලු "රජෙක් සේ දෑනේ කියල"...ආච්චි ආවලු දුන්නලු හොඳවයින් පාරක් පස්ස පෑත්තට..අරන් යනකන්ම කිව්වේ රජෙක් සේ දෑනේ කියලාලු..

කෝමහරි ඒ අහිමි වු දත විවාහ වෙන්න පෙර බොරු දතකින් නිම කරලා..ඔක අහනකොට තම මේ සිද්දිය කිව්වේ..මම හිතන් ඉන්නවා ඔගොල්ලන්ට පස්සේ කාලෙක මේ හෑම ස්ථානයක්ම මගේ බ්ලොග් එකෙන් බලන්න සලස්වන්න..

3 comments:

  1. මදැයි රජ්ජුරුවෝ උඩ ගිය තරම :)

    ReplyDelete
  2. @ Shadow/හේමලයා :හ්ම්ම්..අතිතය

    @ Hasitha -රජ්ජුරුවෝ උඩයි උඩයි

    ReplyDelete