Powered By Blogger

Tuesday, June 15, 2010

හෝව් හෝව් මෙන්න බලන්න හොරෙන් කෙසෙල් කාපු හෑටි!!


ගම්පලාත් වල අවුරුදු වලට කෙසෙල් කෑන් දුම් ගහනවා කියන එක ඔයාල දන්නවනේ.... එක ඉතින් තාමත් අපේ ගම් වල සිරිතනේ නේද?එතකොට අද කාලෙ වගේ කාබයිට් ගහල කෙසෙල් ඉදෙව්වෙනම් නෑනේ..ඉතින් අපේ අප්පච්චිලගෙ මහ ගෙදරත් මේ විදියටම ගෙදරට උඩහ පේරගස් මන්ඩිය ලඟ කෙසෙල් ඉදවනවලු..වලක් කපලා ,දුන් ගහන්න ලෑස්ති කරලා.

ඔන්න ඉතින් ඒකේ කෙසෙල් කෑන වලලා දාල.ඉතින් මෙ කෙසෙල් කෑන ඉදෙනවද බලන්න අය්යා මලො ටික හෑමදාම එතනට යනවලු.
මොකටද දන්නවද??ඉදෙනකොට එක් එකෙනාට හොරෙන් කෙසෙල් එක දෙක බාප්පිල දෙන්නටයි නෑන්දලයි තාත්තයි හොරෙන් හොරෙන් පේරෙතකමට ගෙඩිය ගානෙම කාලා..

දවසක් දා..මේ කාලෙ අතරතුර අපේ අත්තම්මා කෑන ඉදිලද බලන්න එතනට ගිහින්..මගේ අප්පේ......පුදුම වෑඩේලු..එතන ලෙලි ගොඩාරියක්ලු.හොරෙන් කෑවට මොකද මේ කට්ටියටම ලෙලි හන්ගන්න නම් මතක නෑති වෙලාලු..පොඩ්වුන්නෙ..

කොමෙන් හරි අත්තම්මා මෙයාල පස්සෙ පන්නල.හොරෙන් වඩේ බලන් ඉන්දල..ම්ම්ම්ම්ම්...වෑඩේ හරිලු..කට්ටිය කන හෑටි බලගෙනත් හිටියලු..පහුවෙනිද?අප්පච්චි ගිහින් කෙසෙල් ගෙඩියක් කඩනකොටම ආත්තම්මා එයගෙ අතින් අල්ලගෙන,පස්ස රත් වෙන්නම දීලා හොඳවයින් පාරක්..අප්පච්චි අඬ අඬා දිව්වලු.අදටත් කියනව අපෙ අම්මගෙන් ඒවගෙ පරක් ජීවිතෙටම කෑවෙ නෑලු.
එයා කියනවා හොරෙන් කන්නේ නෑතුව කඩෙන් අරන් කෑවන් හොඳයි කියල හිතුනලු..මරු නේද??

9 comments:

  1. තාත්තත් මරු වැඩ තමා කරලා තියන්නේ !!!

    ReplyDelete
  2. තාත්තා මෙහෙම නම් දුව... මගෙ අම්මෙ...

    ReplyDelete
  3. අප්පච්චිගේ රස කතා ගොඩාක් තියෙනවා වගේ....... පහුගිය දවස්වලත් කීපයක් දාලා තිබ්බා නේද ? තව ලියමු නගා.

    දැන් නම් ආසාවෙන් කියවන්න පුලුවන් විදිහට ඡේද එහෙම වෙන් කරලා ලස්සනට ලියලා තියනවා, ගුඩ් ගර්ල් :)

    ReplyDelete
  4. තාත්ත නං කෙසෙල් විතර ලු හොරෙන් කෑවෙ...

    ReplyDelete
  5. ලියමු අප්පච්චීගේ රසකතා......

    අපි කියවනවො....

    ReplyDelete
  6. දුව නම් කෙහෙල් වත්තක් හොරෙන් කයි හික් හික්

    ReplyDelete
  7. හිඟන්නා :ආයෙත් අහල එලම එල බුවා..

    රවා : මමද??අහින්සකයි රටක් වටියි..

    Hasitha :අපි එහෙම තම අය්යෙ දුන්නූත්
    ඔවදනක් කෙලින්ම මොලයට..
    ස්තුති අය්යේ..

    පැන්da :ඈයි??:-\

    ඉලංදාරියා :එලස් අය්යේ..අනිව තියෙන
    ඔක්කොම ෆන් ටික දාන්නන්කො
    ඔයාලට කියවන්න..:D

    පිස්සා පලාමල්ල :ඈයි අය්යන්ඩි එහෙම
    කිව්වෙ??:P

    ReplyDelete
  8. මෙන්න හොලෙක්!හොලෙක්!

    ReplyDelete
  9. @ බොස් :මෙන්න හොලෙක් හොලෙක්
    අල්ලගනියෝ

    ReplyDelete